සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ කාලය කෑම ගැන විපක්ෂ නායක ආඩම්බර වෙයි!

by editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව තුළ   කාලය වැය කර ඇති ආකාරය සම්බන්ධව තමන් ආඩම්රවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ උදෑසන කාලය තුළ හැමදාම පැයක් දෙක්ක විනාශ කරමින් සමස්ථ පාර්ලිමේන්තු  න්‍යාය පත්‍රයම අවුලකට ඇද දමන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එල්ලවන විවේචන මැද ඊයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් එල්ල කළ ප්‍රබල විවේචනයට පිළිතුරු දෙමිනි.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ආරම්භක කතාවට මුල පුරමින් ඔහු කීවේ 2020 ජනවාරි 18 සිට මේ දක්වා 27/2 ප්‍රශ්න 144ක් අසා ඇති බවය.

පාර්ලිමේන්තුවේ කාලය තමන්  වෙන් කළේ පුද්ගලික අවශ්‍යතාවයන් වර්ධනය කරගන්නවත්  ව වරප්‍රසාද වරදාන වැඩි කරගන්නටත් නොව ජනතා ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා නිද්‍රාශීලිව ඉන්න අය අවධිකිරීමට බවත් පොදු ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට බවත් ඔහු පැවසුවේය.

ඒ සඳහා තමන් පක්ෂ නායකයෙක් ලෙස තමන් සතුව තිබු අවස්ථාව උපයෝගී කරගත් බව කී විපක්ෂ නායකවරයා තමන් පුලුවන් හැම අවස්ථාවකම පාර්ලිමේන්තුවට පැමිණි බවත්, ඒ පැමිණි සෑම අවස්ථාවකම මහජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කළ බවත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“පක්ෂ නායකයෙකුට සීමා කරලා තියනවා රැස්වන සතියකට දෙවතාවයි කියලා. පොඩ්ඩක් ගණන් හදලා බලන්න පක්ෂ නායකයෝ කී දෙනෙක් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනව ද කියලා. මම ලෝකය වටේ රවුම් ගහන්න ගියෙ නෑ. මම මගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා නිවාඩු ගමන් විනෝද චාරිකා ගියෙ නෑ. ජනතා ප්‍රශ්න ඉදිරිපත් කළේ. “

ඒ නිසා මම ආඩම්බර වෙනවා ඒ ගැන ආඩම්බර වෙනවා.  මා  27/2 ප්‍රශ්න 144ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා. ඊයේ දවස එක එක්කෙනා කියමින‍් ගියා පැය ගණන්ක පාර්ලිමේන්තුවෙ කාලය මිඩංගු කළා කියලා. කවුරු වෙනුවෙන් ද?

මම වෙනුවෙන්ද  මගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ද. මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන්.

අනතුරුව එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක විසින් 1931 ජුලි 28 වැනි දා සිදුකළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු කතාව උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා කීවේ මහජන නියෝජිතයන් ලෙස තමන්ගේ කාර්ය භාර්ය කුමක්දැයි නොතේරෙනවා නම් එය තේරුම් ගැනීමට ප්‍රමාණවත් සාක්ෂරතාවයක් නැතිනම්  හිටපු නායකයෙක්වන එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායකගෙන් ඉගෙන ගන්නා ලෙස ආරාධනා කරන බවය. නොදැනුවත් කමින් නූගත්කමින් මේ සභාවේ වහසි බස් නොදොඩන ලෙසත් ඔහු තමන් විවේචනය කරන කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙත්ත විදේශ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සිය කතාවේදී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිටිනා නියෝජිතවරුන් 225 දෙනාම ජනතාවගේ ප්‍රශ්න මිස තමන්ගේ ගෙවල්වල ප්‍රශ්න පාර්ලිමේන්තුවේ දී කතා නොකරන බවය.

එබැවින් සමස්ථයගේ කාලයෙන් සියයට 30ක් පමණ වැය කරමින් විපක්ෂ නායකවරයා කරන ක්‍රියාව පාලනය කිරීමට කථානායකවරයාට නොහැකි වු බවත් මේ පවතින ක්‍රියාවලිය වෙනස් කිරීමට මැදිහත්ව  කාල කළමනාකරණයට නියෝජ්‍ය කතානායවරයා පැසසිය යුතු  උත්සාහයක් දරන බවත්    පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක ගේ දත් දිරා ගිහින්….

Next Post

පාසල් ක්‍රිකට් නිලවරණයත් බල පොරයක් වෙයි … ඉහළම තනතුරු දරා රහ වැටුණු   පිරිස් විධායක කමිටුවට රිංගන ගේමක….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.