පාර්ලිමේන්තු සංකීර්ණයේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.
සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ ඉල්ලීම කරනු ලැබුවේය.
පවතින තත්ත්ව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ එදිනෙදා කටයුතුවලදී මෙන්ම විශේෂයෙන්ම භෝජනාගාරවලද යම් යම් අඩුපාඩු ඇතිවිය හැකි බව කතානායකවරයා කීවේය.
එම අපහසුතා මේ අවස්ථාවේදී විඳ දරා ගෙන සහයෝගය ලබා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.







