සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරු බිල්ලෙන් පසුවවත් අබලන් රිදීතැන්න – ඕමනියාමඩුව පාර හදන්නැයි ප්‍රදේශවාසීන් විරෝධතාවක!

by Lanka Sara Editor
අගෝස්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වසර තිස්පහකට වැඩි කාලයක් අබලන්ව පවතින වාලච්චේන රිදීතැන්න සිට ඕමනියාමඩු දක්වා දිවෙන අබලන්, දූවිලි, මාර්ගය සකසා දෙන ලෙසට බලකරමින් ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම්, ගම්වාසීන් පිරිසක් 02 වෙනිදා දහවල් එම මාර්ගය, ඕමනියාමඩු ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

කිලෝමීටර් 5 ක් පමණ දුරට දිවෙන මාර්ගය ඉදිකර දෙන ලෙස අදාළ බලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නද මෙතෙක් එම මාර්ගය ඉදි නොකිරිමෙන් පවතින දූවිලි නිසා මාර්ගයේ ගමන් ගන්නා පාසල් දරුවන් ඇතුළු අනෙකුත් මගි ජනතාව මෙන්ම නිවාසවල ජීවත්වන ගම්වාසීන් විවිධ ලෙඩ රෝගවලට මුහුණදී ඇති බවද විරෝධතාකරුවන් සඳහන් කරති.

අධික වියළි කාළගුණික තත්ත්ව කාලයේදී මෙම මාර්ගයේ වැලි ටිපර් සහ සෙසු බරවාහන ගමන් කිරීමේදී හටගන්නා දූවිලි තත්ත්වය නිසා ගම්මානය සිංහල,දෙමල, මුස්ලිම්, පවුල් දාහක සාමාජිකයන් 5000ට වැඩි පිරිසක් වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.

එම මාර්ගයේ පවතින දූවිලි පාලනය කිරීමට ඉකුත් 29 දා බවුසර්යක් මගින් වතුර ඉසිමින් සිටි‍යදී ගම්මානයේ අවුරුදු 5 ක කුඩා පිරිමි දරුවකු, එම බවුසරයට යට වීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස මියගිය බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

වසර තිස්පහක කාලයක් බලයට පත් වූ විවිධ රජයන් සහ පළාත් පාලන නියෝජිතයින් මෙම මාර්ගය සකසා දෙන බවට තමන්ට ඡන්ද පොරොන්දු ලබා දුන්නද මෙතෙක් එම මාර්ගය ඉදි නොවුණු බවත් මෙම තත්ත්වය නිසා වර්ෂා කාලවලදී පාසල් යන දරුවන්ගේ ඇඳුම් පවා කිළිටු වන බවද ගම්මානයේ සිංහල දමිළ මුස්ලිම් ජනතාව සඳහන් කළහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගම්මානයේ කෙළවරේ ප්‍රතිසංස්කරණය කරන වැවෙන් ගොඩදමන වැලි, ටිපර් රථ මඟින් විවිධ ප්‍රදේශවලට රැගෙන යෑම හේතුවෙන් මාර්ගය තව තවදුරටත් දැඩි ලෙස අබලන් පවතින අතර ටිපර් රථ ගමන් කිරීමේදී ඇති වන්නාවූ දූවිලි නිසා ගම්වාසීන් විශාල පිරිසක් මේ වනවිට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින බවද විරෝධතාකරුවන් පවසති.

විරෝධතාකරුවන් ඕමනියාමඩු සිට රිදීතැන්න ප්‍රධාන මාර්ගය දක්වා පාගමනින් පැමිණ පැය දෙකක පමණ විරෝධතාවයක නිරත වුවද කිසිදු විසඳුමකින් තොරව විරෝධතාවය අවසන් කළහ.

අප මෙම මාර්ගය අබලන් තත්ත්වය පිළිබඳ ප්‍රදේශයේ මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රාදේශිය මන්ත්‍රී එස්. තාහිර්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම මාර්ගය ඉදිකිරීමට මුදල් වෙන් වී ඇති බවත්, පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වු බවත්, ඉදිරියේදී මාර්ගය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ප්‍රාදේශිය සභාව සතුව මුදල් පවතින බවත්ය.

අනතුරුව අප වාකරේ ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. වීරසුදාකරන්ගෙන් මේ පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමකදී ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ප්‍රාදේශිය සභාව සතුව නොමැති බවත්, එම් මාර්ගය සම්බන්ධ සොයා දූවිලි පාලනය කිරීමට බවුසර් යොදා ජලය ඉසීමට අවශ්‍ය කටයුතු කරන බවත් තීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා රෝහලේ  වකුගඩු සැත්කම් මරණය… විදේශගත සැත්කම කළ වෛද්‍යවරයාගෙන් සූම්  ඔස්සේ ප්‍රකාශයක් ලබා ගැනීම අද

Next Post

කිරිපිටි ආනයනය නතර කරන්නැයි දේශීය කිරි නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.