ශ්‍රියානි විජේසිංහ –
වකුගඩු සැත්කමින් පසුව මිය ගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පවත්වනු ලබන විශේෂ පරික්ෂණය සඳහා මේ වන විට විදේශ ගතව සිටින එම සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයන් ලබා ගැනිම අද (2) දිනයේදී සූම් තාක්ෂනය ඔස්සේ සිදුකරන බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සාන්තුෂ් සේනාපති සඳහන් කරයි.
වෛද්‍යවරයාගේ කට උත්තර ලබා ගැනීමෙන් පසුව සැත්කමට සම්බන්ධ වූ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට කටයුතු කරන බවත් මෙම වාර්තාව සතියක් වැනි කෙටි කාලයක් තුළදී සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන බවත් ඔහු පැවසුවේය.
ඉන් අනතුරුව එම වාර්තාව විශේෂ කණ්ඩායමක් වෙත යොමුකර අවසන් නිගමනයකට එනු ඇති බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා කීවේය .
මේ අතර මියගිය දරුවාගේ පියාගේ කට උත්තරය මේ වන විට සටහන් කරගෙන අවසන් බවද වෛද්‍ය සන්තුෂ් සේනාපති කීවේය.







