මත්පැන් බෝතල් සඳහා හඳුන්වා දී ඇති ආරක්‍ෂක ස්ටිකර් මගින් රාජ්‍ය ආදායමේ සැලකිය යුතු ඉහළ යෑමක් සිදුවුවද ජාවාරම්කරුවන් මේ වන විට ව්‍යාජ ස්ටිකර් ගසා මත්පැන් අලෙවි කිරීමට උත්සාහ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියි.
“මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර්වලට විකෘති කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අලුත් සොයා ගැනීම් යහපත් දේවල් සඳහා පමණක් කරන ලෙසත් ඇමැතිවරයා කියා සිටියේය.
“ඔවුන් කරන සෙල්ලම අහිංසක මිනිසුන්ගේ ජීවිත සමඟයි. මෙයට ඉඩ දිය නොහැක. මෙම ක්‍රියාවලියට බාධා කර පසුව පැමිණිලි කරන්න එපා,” ඔහු වැඩිදුරටත් පැවසීය.







