සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුරේ ඝාතනයෙන් පසු කොළඹ චයිනා වීදියේදී ලක්ෂ 50ක ගනුදෙනුවක්…

by editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඝාතනය සැලසුම් කළ සළිඳු පොලිස් ලොක්කන්ටත් කතා කරලා
  • හමු වූ යතුරුපැදිය සහ ගිනි අවිය ඝාතනයට සම්බන්ධයක් නෑ
  • ඝාතකයන්ට නවාතැන් දුන් තරුණයාගෙන් වැදගත් තොරතුරු රැසක්…

පසුගියදා පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි   ධීවර තරුණයකුව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ වෙඩික්කරුවන්ට නවාතැන් දීමේ චෝදනාව යටතේ දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකු  තමන් විසින් කොළඹ නගරයේ චයිනා වීදියේ දී රුපියල් ලක්ෂ පනහක මුදලක් යම් අයෙකුට ලබා  දුන් බව පොලිසියට හෙළි කිරීමත් සමග  මෙම මුදල ලබා ගත් පුද්ගලයා පිළිබඳව   පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබේ.

මෙම ඝාතනය පසුගිය 28 වැනිදා දහවල් සිදුවූ අතර ඝාතකයන් පලා ගිය මාර්ගය පිළිබඳව සිදු කරන ලද විමර්ශනයේදී මෙම වෙඩික්කරුවන්ට නවාතැන් දී ඇති තරුණයකු සම්බන්ධ තොරතුරු අනාවරණය වී   ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම තරුණයා පානදුර ප්‍රදේශයේ නිවසක පදිංචි විශ්‍රාමික බන්ධනාගාර ජේලර්වරයකුගේ පුත්‍රයෙකි. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය කරවූ  බව කියැවෙන සලිඳු නැමැති කුඩු ජාවාරම්කරුවා විසින් මෙම තරුණයාට මත් කුඩු උපයා ලද ආදායමෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ චයිනා වීදියේ එක්තරා ආයතනයක් ඉදිරිපිටට පැමිණෙන පුද්ගලයකුට ලබා දිය යුතු බවට පවසා ඇත. ඒ අනුව මෙම මුදල් ඔහු අදාල පුද්ගලයාට ලබා දී ඇති බව අනාවරණය වෙයි.

එදිනට පසු දින ගල්කිස්ස පොලිසියට ඉහළ පොලිස් නිලධාරියකුගෙන් ලද තොරතුරකට  අනුව පානදුර සුසාන භූමියක තිබී ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තොරතුරු මත ඊට පසු බොල්ගොඩ ගඟේ ගිල්වා තිබූ යතුරු පැදියක්ද ගොඩ ගැනිණි. එසේ වුද මෙම ගිනි අවිය සහ යතුරුපැදිය මෙම ඝාතනයට යොදා ගත් ඒවා නොවන බව මේ වනවිට විමර්ශනවලින් අනාවරණය වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කුඩු සළඳු නැමැති පුද්ගලයා දුරකථන ඇප් එකක් මාර්ගයෙන් විදේශීය දුරකථන අංකයකින් මෙරට සිට අමතන බවට හෙළිව ඇති අතර ඔහු ඉහළ  පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සමඟ ද දුරකථන සංවාද සිදු කොට ඇති බව අනාවරණය වී ඇත. සළිඳු නැමැත්තාගේ අවශ්‍යතාව මත මතුගම සිටින පාතාල අපරාධකරුවකුවන ෂාන් නැමැත්තාගේ සහය ද ඇතිව දැනට බන්ධනාගාරගතව සිටින සුද්දා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් සම්බන්ධ කර දී ඇති පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩිතැබීම සිදු කොට ඇතැයි  වාර්තා වේ.    අදාළ සැකකරුවන් පොලසියට භාර විමට නියමිත බවට පොලිස් ආරංචි මාර්ගවලින් සඳහන් වුවද මෙතෙක් ඔවුන් භාර වී නොමැති බව අනාවරණය වෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණවටුන මුහුදු පරිසරය පිරිසිදු කරන්නට පරිසර හිතැත්තෝ කිමිදෙති…

Next Post

ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩඉම් ලකුණු අඩු කිරීමට ඇති හැකියාව සොයයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.