අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩඉම් ලකුණු අඩු කිරීමට ඇති හැකියාව සොයයි…

by editor
පෙබරවාරි 1, 2021 - Updated on පෙබරවාරි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු එකකින් හෝ දෙකින් අඩු කර 6 වසරට ඇතුළත් කරගන්න ශිෂ්‍යයන් ප්‍රමාණය ද වැඩි කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා     අද (01)  මාධ්‍ය වෙත  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ 2020 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ලබාදීම සඳහා නිර්ණය වූ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පිය හා ගුරු සංගම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන්  රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමිනි.  

ලේකම්වරයා මාධ්‍යයට නිකුත් කළ නිවේදනයේ   මෙසේ ද දැක්වේ.

 1- 13 ශ්‍රේණි සහිත බාලක සහ බාලිකා පාසල් ද, මිශ්‍ර පාසල් ද , 6- 13 ශ්‍රේණි පවතින බාලක, බාලිකා සහ මිශ්‍ර ජාතික පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම පිළිබඳව ක්‍රියාවලියේ කිසිදු වෙනසක් කර නොමැත. පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කරගැනීමට සම්බන්ධව පෙර පැවති චක්‍රලේඛ අනුවම එම ක්‍රියාවලිය සිදු කෙරිණි. 2017, 2018, 2019 සහ  2020 යන වර්ෂයන්හි  පාසල්වලට ශිෂ්‍යත්වධාරීන්  ඇතුළත්  කරගැනීමේ ක්‍රමවේදයෙහි කිසිදු වෙනසක් කර නොමැති බව ද ඒ අනුව අදාළ දෙමව්පිය හා ගුරු සංගම් වෙත තහවුරු කරන ලදී .

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙවර ශිෂ්‍යත්ව සමතුන්ගේ  දිස්ත්‍රික් කඩයිම් ලකුණු ජනවාරි 15 වැනි දින නිකුත් කරන ලද අතර, අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි ඒ සම්බන්ධ සියලු තොරතුරු යාවත්කාලීන කරන ලදී. එහෙත් මින් පෙර නොවූ ආකාරයක කඩයිම් ලකුණු ඉහළ යාමක් සහ ඒ තුළින් දරුවන්ට විශාල අසාධාරණයක් වී ඇති බවට  දෙමව්පියන් නගන අදහස  සම්බන්ධයෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය හැකි ආකාරය ද එහිදී පැහැදිලි කෙරිණි. හැකිනම් කඩයිම් ලකුණු අඩු කොට දරුවන්ට යම් සහනයක් සලසන ලෙස  දෙමව්පියන් විසින් කළ යෝජනාව අනුව, දිස්ත්‍රික් කඩයිම් ලකුණ එකකින් හෝ දෙකකින් අඩුකර, 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරිමට ඉදිරියේ දී සලකා බලනු ලැබේ.

 ලකුණක් අඩු කිරීම තුළ වැඩිවන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට පවතින පන්ති සංඛ්‍යාව තව දුරටත් වැඩි කිරීමට පවා සිදුවිය හැකි බවද, පන්ති කාමර පහසුකම් මානව සම්පත් ඇතුළු ප්‍රායෝගික අභියෝග හමුවේ මෙය සංකීර්ණ කටයුත්තක් බවද, සියලු ජාතික පාසල්වල   මේ සම්බන්ධයෙන්  පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි මාසයක කාලය ඇතුළත දෙමව්පියන් විසින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන සිසුන් ඇතුළත් කිරීම වෙනුවෙන් විනිවිද භාවයෙන් යුතු ක්‍රියාපිළිවෙතක්  අනුගමනය කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය .

ඒ අනුව ශිෂ්‍යත්වධාරීන් ලියාපදිංචි කිරීමේ කටයුතු තවත් මාසයකින් ප්‍රමාද  කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුරේ ඝාතනයෙන් පසු කොළඹ චයිනා වීදියේදී ලක්ෂ 50ක ගනුදෙනුවක්…

Next Post

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 07යි… කොවිඩ් ආසාදිතයන් 816යි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.