රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී දූෂිත කොන්ත්‍රාත් කරුවන් අසාධුලේඛනගත කිරිමේ ක්‍රියාවලියේ දී දකුණු ආසියාතික රටවල් අතර නරකම වාර්තා ඇත්තේ ශ්‍රී ලංකාව සතුව බව වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.
- දූෂිත ක්‍රියාවල යෙදිම සහ වංචනික ක්‍රියාකාරම් කිරීම අසාධුගත ලේඛනගත වීමට හේතුවක් සේ නොහඳුනා නොගැනීම
- නෛතික ප්‍රතිපාදන තිබෙද්දිත් ගිවිසුම්ගත බැඳීම් පැහැර හැර ඇති කොන්ත්‍රාත්කරුවන් අසාධු ලේඛනතග නොකිරීම සිදුකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත් එම පර්යේෂණ වාර්තාවේ පෙන්වා දී තිබේ.
ඖෂධ ප්‍රසම්පාදනය වැනි අවස්ථා කීපයක දී හැර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසම්පාදනයන් පාහේ පාලනය කරනු ලබන්නේ 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව බවත්, එහි ඇති හිදැස් භාවිතා කරමින් මෙම දූෂිත තත්ත්වයන්ට වලංගු භාවයක් ලබා දෙන බවත් එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.
දූෂණය වළක්වා මූල්‍ය පරිපාලනය යථාවත්කිරීම සඳහා මෙම හිදැස් කඩිනමින් නිවැරදි කර වසා දැමීමේ වැදගත්කම වාර්තාව අවධාරණය කර ඇත.
කොන්ත්‍රාත් වගකීම පැහැර හරින කොන්ත්‍රාත්කරුවන්ගේ අසාධු ලේඛනගත කිරීමට පමණක් නොව, පොදු මාර්ගගත දත්ත ගබඩාවක ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත්කිරිමේ ප්‍රතිපාදන සහිත වුවත් වගකීම් පැහැරහරින කොන්ත්‍රාත්කරුවන් අසාධුගත ලේඛනගත නොකිරීම පවතින රෙගුලාසිවලට අනුකූල නොවන්නක් බවද පරීක්ෂණ වාර්තාව කියයි.
කෙසේ වෙතත් වගකීම් පැහැර හැර අසාධුගත ලේඛනගත කරන කොන්ත්‍රාත්කරුවන්ගේ ගේ තොරතුරු සහිත දත්ත ගබඩාව හිස් බවත්, එම දත්ත යාවත්කාලීන කර පවත්වාගැනීමේ වගකීම ඇත්තේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පවත් වාර්තාවෙන් පෙන්වා දෙයි.
ඔවුන් ලෝක තත්ත්වයන් සඳහා ආසන්න උදාහරණ ලෙස ගෙන හැර දක්වන්නේ නේපාලය සහ බංගලාදේශය ය. නේපාලයේ මෙම දත්ත ගබඩාවේ අසාධු ලේඛනගත කොන්ත්‍රාත්කරුවන් 629ක ගේ ඇතුළත්වීම් තිබුණු අතර බංගලාදේශයේ 510ක් පැවතිනි.
ඉහල මට්ටමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිද්ධවන දූෂණ වැලැක්වීම ඉතාම වැදගත් බව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත විසිල් සංවිධාන මෙන්ම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.
ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ 2024 දෙසැම්බර් වන විට ඉහළම ජාත්‍යන්තර අනුමිතීන් පිළිබිඹු කරන පොදු ප්‍රසම්පාදන නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමය.
https://www.veriteresearch.org/publication/sri-lanka-procurement-corruption-gaps/







