ඉකුත් 12 දා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැදි මෙනවිය අද (18) දින අවසරය ලබා දුන්නාය.
මෙලෙස රදවා ගැනීමේ අවසර නියම වූයේ නිහාල් විජේසිංහ, දිලාන් සංජීව තෙන්නකෝන්, සෙනරත් ආරච්චිගේ සිසර කුමාර සහ යුද හමුදාවෙන් පලා ගිය අයකු වන දිමුතු නිරෝෂන්, පැදිකරු ලෙස කටයුතු කළ සුජිත් කුමාර නමැති සැකකරුවන් පස් දෙනාය.
කොල්ලකෑමට සම්බන්ධ යතුරුපැදිය සඟවා තිබූ කඩවත කිරිල්ලවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සහ අදාල වෙඩි තැබීම සිදුකර පළ ගිය වෙඩික්කරුට සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සහ අදාල යතුරු පැදිය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලද තොරතුරු අනුව වෙඩිතැබීම සදහා භාවිතා කල ගිනි අවිය,යතුරු පැදිය ද රක්වාන ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබුණේය.







