සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජා ජල ව්‍යාපෘතියක බට උස්සන් ගිය බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපති සහ සොයුරා අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ ප්‍රජා ජල මූල ව්‍යාපෘතියකට අයත් යකඩ බට තොගයක් රහසිගතව මාලඹේ ප්‍රදේශයේ ආයතනයකට අලෙවි කිරීමේ චෝදනා මත බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා අද (29) පස්වරුවේ බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති  (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) සිරිල් මුණසිංහ   සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පියදාස මුණසිංහ නැමති අයයි.

අදාල ප්‍රජා ජල ව්‍යාපෘතියේ සභාපති වරයා ලෙස කටයුතු කර ඇත්තේද ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ  බව  සිදුකල මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

බෙලිඅත්ත මහහීල්ල නැගෙනහිර ප්‍රජා ජලමූල පැරකුම් සමිතියට අයත් අගල් දෙක ප්‍රමාණයේ ජී.අයි. බට 19ක ප්‍රමාණයක් අදාල ව්‍යාපෘතියෙන් පසු සභාපති වරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ ගබඩා කර තබා තිබේ.

එම එක් බටයක් අදාල ජල ව්‍යාපෘතිය සදහා රැගෙනවිත් ඇත්තේ රුපියල් 22000ක මුදලකටය. සභාපති වරයා විසින් මෙම ඉතිරි බට තොගය හොර රහසේ මාලඹේ පිහිටි ආයතනයක් සදහා එක් බටයක් රුපියල් 15000ක් බැගින් අළෙවි කර තිබේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව බට මිලදි ගත් අදාල ආයතනයේ සේවකයන් පිරිසක් 28 වන දින රාත්‍රි බට ටික රැගෙන යාමට පැමිණ තිබේ. එහිදි එම පිරිස බට ටික ගබඩා කර තිබූ සභාපති වරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් එම බට රැගෙන යාමට පහසු වන පරිදි කපමින් සිටියදී ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කර දැනුම් දී තිබේ.

ඒ අනුව බෙලිඅත්ත පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් එහි ගොස් අදාල පිරිසගෙන් මේ සම්බන්ධයෙන් විමසා  අදාල බට තොගය පොලිස් බාරයට ගෙන 29 වන දින පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව සභාපති වරයා ඇතුළු පිරිස අද  (29) බෙලිඅත්ත පොලිසියට ගොස් ඇති අතර එහිදී සිදුකල මුලික විමර්ෂණ වලින් පසු සිද්ධියට අදාලව සැකකාර සභාපති වරයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජෙඨෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහහණ, තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි  ගේ  උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනකට 3ක්ව තිබූ ඖෂධ පරිත්‍යාග සතියකට 01ක් වෙලා… අත්‍යාවශ්‍ය ඖෂධ 70ක් ශල්‍ය ද්‍රව්‍ය 25ක් හිඟයි.. ළමා රෝහලේ බය හිතෙන කතාව…

Next Post

ශ්‍රී.ල.නි.ප.ය මුල් කරගෙන මෛත්‍රීගෙන් අලුත් සන්ධානයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.