කීර්ති ප්රනාන්දු –
අද අලුයම් කාලයේ දී මාවනැල්ල දෙවනගල ප්රදේශයේ නිවසක් උඩට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි සිවු දෙනෙක් අතුරුදන්ව ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.
පසුගිය දින කීපය පුරා ඉතා තද වැස්සක් මෙම ප්රදේශයට ඇද වැටී තිබේ.
පස්කන්ද නිවස මතට කඩා වැටෙන අවස්ථාවේ නිවස තුළ මව, පියා, පුතෙකු සහ තවත් අයෙක් සිට ඇත.
මාවනැල්ල පොලිසිය සහන සේවා කණ්ඩායම් හා ප්රදේශවාසීන් විවිධ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් එක්ව විපතට පත් පිරිස සොයා මෙහෙයුම් දියත් කර තිබේ.