අධික වැසි, ජල විපත් හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙක් මියගොස්, තවත් 02 ක් අතුරුදන් ව 01ක් අයෙක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. දිස්ත්‍රික්ක 06ක පවුල් 31990කට අයත් පුද්ගලයන් 133280ක් තවදුරටත් පීඩාවට පත්ව ඇති අතර 5182ක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත. හානියට පත් නිවාස සංඛ්‍යාව 475කි.
තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වන නමුත් සබරගමුව හා බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ උතුරු ප්‍රදේශවල වැසි ඇතිවන ඇතර සවස් කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි, සුළං ඇති වන බව පැවසේ.
මේ අරත ජල ගැලීම් තත්වයන් ඇති වෙමින් පවතින බව ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අත්තනගලු ඔය පිටාර යාමෙන් මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ, කටාන යට වී ඇත.
කලු ගඟ පිටාර යාමෙන් හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, කලුතර ද පහත් බිම්, වගා බිම්, ප්‍රධාන හා අතුරු මාර්ග රැසක්, නිවාස ජලයෙන් යට වී තිබේ.
මේ අතර කලු ගඟේ ජල බැස්ම සඳහා කලු ගං මෝය පුළුල් කිරීමට ද කටයුතු යොදා ඇත. මෙය තවත් විපතකට ඇරයුමක් බවට ප්‍රදේශවාසීහූ මැසිවිලි නගති. මින් පෙර පැවති මහා ගංවතුරකදී අවිධිමත් ලෙස කලු ගං මෝය පුළුල් කිරීමට යාමේදි මුහුදු ජලය ගඟ දිගේ රට අභ්‍යන්තරයට ඒම වළකාලමින් ස්වාභාවික ව සෑදී තිබූ ආරක්ෂිත වැලි වැටිය මුළුමනින් ම මුහුදට කඩාගෙන ගොස් තිබිණි. මේ වන විට එම වැලි වැටිය වෙනත් ස්ථානයකින් ක්‍රමක්‍රමයෙන් ස්වභාවිකව ම ස්ථාපිත වෙමින් තිබේ.
කලු ගඟේ ආරක්ෂිත වැලිවැටිය විනාශ වීමෙන් මුහුදු ජලය ඉතා වේගයෙන් ගඟ දිගේ ගොඩබිමට ගලා ඒම නිසා දින දෙක තුනක පෑවිල්ලකින් වුවද පානීය ජලයට කරදිය මුසුවීමෙන් කලුතර ජනයා පානීය ජල අර්බුදයට ගොදුරු වේ.