යෝජිත ත්‍රස්තවිරෝධී පනත සම්බන්ධව තමන් දැඩි කම්පනයකට පත් වූ බව දන්වමින් සියයකට අධික සංවිධාන සහ පුද්ගලයින් සංඛ්‍යාවක් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත ලිඛිතව කරුණු දක්වා තිබේ..
කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ස්ථාපනය කිරීමට බලාපොරොත්තුවන ප්‍රති ත්‍රස්ථ පනත ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට පැවතියාටත් වඩා බරපතල තර්ජනයක් ඇති කරන බව ඔවුහු ප්‍රකාශ කරති.
මෙම ම්ලේච්ඡ යෝජිත නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා තම පුරවැසියන්ගේ මානව හිමිකම් අහිමි කිරීමේ හැකියාවෙන් යුත් නීතියක් ශ්‍රී ලංකා රජය යෝජනා කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ප්රජාතන්ත්රවාදය තුළ ක්‍රියාකාරී සිවිල් සහභාගීත්වය සඳහා ඇති අවකාශය හැකිලීම, දැඩි රාජ්‍ය නිරීක්ෂණවලට යටත් වන ප්‍රජාවන් ඉලක්ක කරගෙන රාජ්‍යය මිලිටරිකරණය තහවුරු කිරීම සඳහා වන අවකාශය පුළුල් කිරීම ප්‍රති ත්‍රස්ථ පනතේ ප්‍රතිපාදනවලින් සිදුවී ඇති බව ඔවුහු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත දන්වා සිටිති.
ඔවුහු ශ්‍රී ලංකා රජයෙන් මෙසේ ඉල්ලා සිටිති.
- 2023 මාර්තු 17 වැනි දින ගැසට් කරන ලද යෝජිත ත්‍රස්ත විරෝධී පනත වහාම ඉල්ලා අස්කර ගන්න.
- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය වහාම අත්හිටුවීමට කැපවී එය අවලංගු කිරීමට කඩිනම් පියවර ගන්න.
- ත්රස්තවාදයට එරෙහිව පුළුල් නීති සම්පාදනය කිරීමේ ජාත්‍යන්තර බැඳීම්වලට ශ්‍රී ලංකාව අනුකූල වීමේ කොටසක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ත්‍රස්තවාදය හා සම්බන්ධ වැරදි ඇතුළුව ශ්‍රී ලංකාව තුළ පවතින ත්‍රස්තවාදය හා සම්බන්ධ නීති සම්පාදනය පිළිබඳ පුළුල් පරාසයකින් සලකා බලන්න….
- ත්‍රස්තවාදය සම්බන්ධව හඳුන්වා දිය යුතු රාජ්‍යයට එරෙහිව යම් නිශ්චිත වැරදි හඳුනා ගැනීම සඳහා ත්‍රස්තවාදය මැඩලීමට පවතින නීතිමය රාමුව සමාලෝචනය කරන්න; අපරාධ නඩු විධාන සංග්‍රහයේ ආරක්ෂාවට යටත් වන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම සඳහා මනාව නිර්වචනය කරන ලද වැරදි කෙටුම්පත් කරන්න; අපරාධ සැකකරුවන්ට ලබා දී ඇති සාමාන්‍ය ආරක්ෂාවන්ගෙන් යම් යම් අපගමනයන් සමානුපාතිකව සහ යුක්ති සහගත කර නීතිගත කිරීමට පෙර මහජන උපදෙස් සඳහා ප්‍රකාශයට පත් කරන්න…