පළාත් පාලන ආයතනවල කොට්ඨාසවලට අයත් ග්‍රාම නිළධාරී වසම් පිළිබඳ අවසන් වාර්තාව බාර දුන් බවත්, එය සම්පූර්ණයෙන් අප්‍රේල් 30 වනදා වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මෙම කෙටුම්පත පළාත් පාලන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල 17 සිට 25 දක්වා ප්‍රදර්ශනය කරන අතර එහි කිසියම් වෙනස්කම් කිරීමට ඇත්නම් එම දින 10 ඇතුළත සීමා නිර්ණ කොමිෂන් සභාවට හෝ පළාත් පාලනවලට දැනුම් දිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
මෙම වාර්තාව සීමා නිර්ණය කොමිෂන් සභාව බාර දෙන අවසන් වාර්තාව බවත්, කොට්ඨාසයක සීමාව, නාමය වැනි සුළු වෙනස්කම් පමණක් කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.
මෙහිදී මෙම වාර්තාව පදනම් කරගෙන මැතිවරණය පැවැත්විය හැකි දැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ “එය තම කොමිසමට අදාළ දෙයක් නොවන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තීරණ ගත යුතුයි’ ලෙසයි.
“මෙය ග්‍රාම නිළධාරී වසම් සම්බන්ධ සීමා නිර්ණ වාර්තාවක්.. අපේ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරලා තියෙනවා.. ඒ නිසා ඒ කාල සීමාවේදී මේ වාර්තාව සම්පූර්ණයෙන්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.. මෙහි වෙනස්කම් කරන්න ඕනවටත් වඩා කාලය දීලා තිබ්බත් තවත් දින 10ක් වගේ අපි ලබා දෙනවා..
මේ වෙද්දීත් දේශපාලන පක්ෂ, සාමාන්‍ය ජනතාව වගේම ආගමික නායකයින් වෙනස් විය යුතු දේ පිළිබඳව අපිට එවලා තියෙනවා.. අපි ඒ වෙනස්කම් කරනවා.. කියන්න තියෙන්නේ මොනවා හරි වෙනස්කමක් තියෙනවා නම් අපිට කියන්න කියලා අප්‍රේල් 25ට කලින්..”
මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය