ඉදිරියේ එළැඹෙන ජනාධිපතිවරණයක දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
ඇමති කාංචන විජේසේකර මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණේ මීලඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව පමණක් යැයි මහලේකම්වරයා එහිදී සඳහන් කළේය.
ඒ හැරුණුකොට රනිල් වික්‍රමසිංහ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තබා ඒ සම්බන්ධව යෝජනාවක්වත් ලැබී නැති බව ඔහු කීවේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිය සුදුසුම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරපත් කරන බවත්, එතෙක් තම පෙරමුණ දේශපාලන ව්‍යාපාර කටයුතු දියත් කරන බවත් වැඩිදුරත් සඳහන් කළේය.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් නැවත වරක් බැසිල් රාජපක්ෂ කරළියට රැගෙන විත් ඔහු ජනාධිපති අපේක්ෂකයා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින අතර තවත් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂයකා කිරීමට අභ්‍යන්තර ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.