කීර්ති ප්‍රනාන්දු –
රට තුළ නිර්මාණය වී ඇත්තේ ව්‍යාජ කුකුළු මස් හිඟයක් බවත් මේ වනවිට වෙළෙන්දන් හිතූ මිල ගණන්වලට කුකුළුමස් අලෙවි කළත් නිශ්පාදයකන් වෙළෙන්දන්ට නිකුත් කරන මිලෙහි කිසිම වෙනසක් සිදුවී නැති බවත් ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික පවසයි.
ඔහු පවසන්නේ නිශ්පාදකයින් පෙර මිලටම හිඟයකින් තොරව කුකුළුමස් ලබා දෙමින් තිබෙද්දී වැඩිවන ඉල්ලුම මත වෙළෙන්දන් වැඩි මිලට කුකුළු මස් විකුණමින් සිටින බවය.
දැනට නියම කර ඇති මිල ගණන් අනුව සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 950ට ද සම රහිත කුකුළුමස් කිලෝවක් රුපියල් 1200 දක්වා මිලකට ද අලෙවි කිරීමට මිල නියම වී ඇති බවය.
කෙසේ වෙතත් මේ උත්සව සමයේ කුකුළු මස් නිශ්පාදනය අඩුවකින් තොරව කරගෙන ගිය ද මේ වනවිට ඇති වී තිබෙන කුකුළු පැටවුන්ගේ හිඟය ඇතුළු ප්‍රායෝගික ගැටලු හමුවේ ලබන ජූනි හෝ ජූලි පමණ වනවිට රටේ කුකුළු මස් හිඟයක් ඇතිවනු ඇතැයි ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ එකමුතුව පවසයි.