ශ්‍රියානි විජේසිංහ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ 11 දෙනාගෙන් යුතු කණ්ඩායම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට එක්කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇති නමුත් මෙම කණ්ඩායම මැයි රැළියට එක්වීම සඳහා බරපතල කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුතින් පත්කළ මහලේකම්වරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් තමන් පක්ෂයේ මැයි රැළියට සහභාගි නොවන බව 11 දෙනාගෙන් යුතු කණ්ඩායම තීරණ කළ බව නම ඉදිරිපත් වීමට අකමැති පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසුවේය.
එම කණ්ඩායම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහන් පක්ෂය බෙදීමකට ලක්කර ඇතිතේ නව මහලේකම්වරයා බැවින් ඔහු පිලිබදව තීරණයක් ගත යුතුයැයි මෙම කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇති බවය.