දේශ සීමා නැති අන්තවාදී ම්ලේච්ඡයන් කණ්ඩායමක් විසින් අමානුෂික පහර දී පුලුස්සා මරා දැමූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ සිරුර ලබන සඳුදා (06) ශ්‍රී ලංකාවට ගෙනඒමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි පාකිස්ථානයේ සියල්කොට් හි ඇඟලුම් කම්හලක සමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය වන්නේ නබි මුහම්මද් තුමාගේ නම සහිත පෝස්ටරයක් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයින් කළ චෝදනාවක් මුල්කරගෙනය.
ඔහුව මරා දැමීමට මුල් වී තිබුණේ TPL නමැති දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයන්වන ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් නම් පුද්ගලයන් බවය.
ඔහු ඇතුළු පුද්ගලයින් 120දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර ඇති බවත් පකිස්ථාන් ආරක්ෂක්ෂක අංශ පවසයි.
අද පස්වරුවේ ප්‍රකාශයක් කරමින් පන්ජාබ් ආණ්ඩු මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කර තිබුණේ මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රධාන විත්තිකරුවන් වන ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් යන අයට එරෙහිව පොලීසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බවය.







