චීනයේ සහ පකිස්ථානය අතර පවතින වර්තමාන ආර්ථික ප්රවණතා සහ ක්‍රියාකාරකම් හේතුවෙන් එරට දේශීය ව්‍යවසායයන් සතු වෙළෙඳපොළ චීන ග්‍රහණයට ලක් වීමේ අවදානමක් පිළිබඳව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මෑතදී සිදුවූ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ චීන සංචාරයත් චීන පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (CPEC) දෙවන අදියර වේගවත් කිරීමට චීනය විසින් කටයතු කරනු ලැබීමත් “ආක්‍රමණශීලී සහ සූරාකෑමක්” ලෙස ඉස්ලාම් ඛබාර් පුවත් පත වාර්තා කරයි.
පාකිස්තානයේ ආර්ථිකය එකතැන පල්වෙමින් පවතින අතර ඉම්රාන් ඛාන් රජය හැකි සෑම ආකාරයකින්ම සෘජු විදේශ ආයෝජන (FDI) වැඩි කිරීමට බලා සිටී. ඔහුගේ මෑතකාලීන චීන සංචාරය පකිස්ථානයට අවශ්‍ය අරමුදල් චීනය විසින් ලබා දී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න කිහිපයක් මතු කර තිබේ.
කෙසේ වෙතත්, රජයන් දෙකම මේ පිළිබඳව දැඩි ලෙස මුනිවත රකින අතර එක් විචාරකයෙකු නිරීක්ෂණය කළේ ඛාන් චීනයට ගොස් ඇත්තේ “පදක්කමක් ගැනීමට නොව ණයක් ඉල්ලීමට ” බවයි.
චීනය කලාපයට ඇතුළු වී ග්වාදර්හි වරායක් ඉදිකිරීම ආරම්භ කළ දා සිට ප්‍රදේශවාසීන්ගේ වැඩෙන ප්‍රතිරෝධය සමඟ බලුකිස්තානය අස්ථායීව පවතී.
බලුකිස්තාන් විමුක්ති හමුදාව (BLA) කලාපයේ ග්වාදාර් වරාය ඉදි කිරීමට විරෝධය පළ කරන අතර ඔවුන් එය දකින්නේ කලාපයේ පොහොසත් ඛනිජ සහ බලශක්ති සම්පත් චීනයට සූරාකෑම සඳහා පකිස්තානය උදව් දෙන බවය.
අනෙක් අතට, චීන ආයෝජකයින් ද පකිස්ථානයේ චීන කම්කරුවන් ගැන ප්‍රවේශම් වන්නේ අතීතයේ දී ජීවිත හානි කිහිපයක් සිදු වූ බැවිනි.
මෑත කාලීන ත්‍රස්ත ප්‍රහාර චීන ජාතිකයන් විසින් අර්ථකථනය කළ හැක්කේ එවැනි තර්ජන මධ්‍යස්ථ කිරීමට පකිස්ථාන රජය අසමත් වීම ලෙස බව ඉස්ලාම් කබාර් වාර්තා කරයි.
පකිස්තාන වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FPCCI) හිටපු සභාපතිවරයෙකු CPEC අධෛර්යමත් කරන බලුකිස්තානයේ වඩ වඩාත් මාරාන්තික ‘ජාතිකවාදී’ කල්ලිවල පුනර්ජීවනය පිලිබඳ ඔහුගේ කනස්සල්ල බෙදා ගත්තේය.
“අපගේ හවුල්කරුවන් සමඟ වාණිජ කටයුතු හැසිරවීමට තරම් අප විටෙකත් ප්‍රවීණ නොවෙමු. නමුත් පාලක පක්ෂය සියලු වාර්තා කඩ කරලා. එය සෑම කෙනෙකුම ඈත් කරලා. එහි ප්‍රතිඵලයක් වී ඇත්තේ මිල අධික ගනුදෙනු. අප ඇමෙරිකාවට මුහුණ දෙනහැටි දන්නවා. ඇමරිකානු සතුරුකම සමඟ කටයුතු කළ හැකියි. ඒත් මිතුරු වෙසින් සිටින චීනය වෙනස් . ”, ජ්‍යෙෂ්ඨ ආයතනික නීතිඥයෙකු පැවසූ බව පුවත්පත වාර්තා කළේය.