කීර්ති ප්‍රනාන්දු –
සමගි ජන බලවේගයේ අතිකරු තමන් බවත්, උප ලේකම්වරයා තමන් බවත් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ තමන් පක්ෂයෙන් ඉවත් කරන්නේ කෙසේදැයි නොවැටහෙන බව ලංකාසරට පැවසීය.
තවමත් ඇයට පක්ෂයෙන් ඉවත් කිරීම සම්බන්ධ නිල දැනුම්දීමක් කර නැති බව පවසන මන්ත්‍රීවරිය මොන දේ කළත් තමන් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව කීවේය.
ඊයේ සමගි ජන බලවේගය පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ පක්ෂය ගත් තීන්දුවට එරෙහිව ක්‍රියා කළ නිසා ඇයට විරුද්ධව පත් කර ඇති විනය කමිටුව විසින් ලබා දුන් තීන්දුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර ඇයව පක්ෂයෙන් ඉවත් කිරීමේ තීරණය ගත් බවය. ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා ද දැනුම්වත් කළ බවය.







