පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරවු වුණු හිටපු අමාත්‍යවරියකවන නිරූපමා රාජපක්ෂගේ සැමියා වූ තිරුකුමාර් නඩේසන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය. මේ වනවිට ඔහු සිය ප්‍රකාශය ලබා දෙමින් සිටින බව වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ලේකම්වරිය විසින් ඔහුට අද (08) එම කොමිසමේ පෙනී සිටින ලෙස දන්වා යැවීමට අනු ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
මෙම තොරතුරු පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පෙරේදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දැනුම් දීමෙන් අනතුරුව රැස් වූ එම කොමිසම ඒ අවස්ථාවේ දී ම විමර්ශන ආරම්භ කර තිබිණි.
හිටපු රාජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා විදේශ සමාගම් භාවිතා කරමින් ලොව පුරා සිය ධනය සැඟවූබව පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි කර තිබිණි. මේ ධනය අතරට සුඛෝපබෝගී නිවෙස්, වටිනා කලාකෘතීන්, සහ මුදල් ද අයත් වූයේය.







