කොළඹ – දිලංගා ගෝමස් –
වැල්ලවත්ත නෝ ලිමිට් ආයතනයේ ඇති වූ ගින්න මේ වනවිට මුලුමනින්ම පාලනය කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
ගින්නෙන් තෙමහල් ගොඩනැගිල්ලේ දෙවැනි සහ තුන්වැනි මහල් සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති බවත් පොහොය දිනයක් බැවින් ගින්න හටගත් අවස්ථාවේ වැඩි පිරිසක් අලෙවිසල තුළ නොසිටි බවත් විමර්ශන අංශ සඳහන් කරයි.

ඔවුන් පවසන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ දෙවැනි මහලේ සුවඳ විලවුන් ගබඩාව තුළය. ස්ප්‍රීතු ස්වරූපයෙන් ඇති සුවඳ විලවුන්වලට ගිනි ගැනිමත් සමග බඳුන් පුපුරමින් ගින්න පැතිරි ඇත.
රස පරික්ෂකවරයා ගෙන්වා මේ සම්බන්ධව තාක්ෂණික විමර්ශන සිදුකරන අතරම සිසිටිවි කැමරා පද්ධතිය සියුම්ව පරික්ෂා කිරීමට කටයුතු කරන බව ද විමර්ශන අංශ කියයි.
අද ඇතිවූ ගින්න මැඩිමට පැය හයක පමණ කාලයක් තිස්සේ ගිනි නිවන හමුදාව ප්‍රදේශවාසීගේද සහාය ඇතිව විශාල මෙහෙයුමක් කළේය. ගිනි නිවන රථ 10ක් ගින්න හටගත් ස්ථානය වෙත ගෙන්වා තිබිනි.







