රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලුම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවත් ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.
සිය X ගිණුමේ සටහනක් තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසනුයේ රුසියාවේ මොස්කව් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එවැනි බියගුලු ප්රචණ්ඩ ක්‍රියාවලින් සිදු වන්නේ සාමය අස්ථාවර කර භීතිය වැපිරීම පමණක් බවයි.
විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත තම ශෝකය සහ කණගාටුව පළකරන අතර ඔහු පවසන්නේ ලෝකයේ ත්රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතු බවයි.