මහනුවර රැජිණ හෝටලය ඉදිරිපිටදී අද (17) පස්වරුවේ දෙනෝ දහක් බලා සිටියදී පියෙකු හා පුතෙකු අත් පොරෝ මගින් දෙදෙනාට කොටා ගත්හ. මේ පොරෝ කෙළියෙන් තුවාල ලත් දෙදෙනාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළේය.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
පිය පුතු දෙපොළ මහනුවර සිල්මල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. හැට හතර හැවිරිදි පියා මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටත් පුතා වාට්ටු අංක 11 ටත් ඇතුළත් කර ඇත.
එකිනෙකාට පොරෝ ප්‍රහාර එල්ල කර ගැනීමෙන් පසු තුවාල ලත් දෙදෙනා 1990 ගිලන් රථයකින් මහනුවර ජාතික රෝහලට රැගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.








