තමන්ගේ නිවසේ ඉන්නේ කුඩා දරුවන් තිදෙනෙක් වගත් ඔවුන්ට හෝ නිවසේ දේපලකට පුංචිම හානියක් හෝ සිදුවුවහොත් වන දේ බලාගත හැකි බවත් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපට කළ උද්ඝෝෂණයට ප්‍රතිචාර දැක්වීම සඳහා සිය නිවස වැටලීමට පැමිණ සිටින පිරිසකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දන්වා සිටියාය.
ඇය මේ බව දන්වන්නේ සජීවී එෆ්බී වීඩියෝවක් මගිනි.
ඇය මෙසේ ද කීවාය.
“යම්කිසි විදිහට මගේ නිවසට හානියක් වුනොත්, මගේ ගේ ඇතුළෙ ඉන්න දරුවො තුන්දෙනාට හානියක් වුනොත්, මගෙ නිවසේ යම් කිසි දේපලකට පොඩි හරි හානියක් සිද්ධ වුනොත් බලාගනිමු. වටේටම සීසීටීවී කැමරා තියනවා මගෙ ගෙදර. පොලිසියට පැමිණිලි කරනවා විතරක් නෙමෙයි. මම මේක ජාත්‍යාන්තරයට ගෙනියනවා.“
“ජාත්‍යාන්තරයට ගෙනිච්චම ඒකට ජනාධිපතිවරයාට උත්තර දෙන්න වෙයි. මේ රටේ ජනාධිපති කියන්නේ අපි හැමෝම ජනාධිපති. නියපොතු තුඩකින්වත් ජනාධිපතිතුමාට කරදරයක් කරන්න නෙමෙයි අපි ගියේ. ලියුමක් දෙන්න. ජනාධිපතිතුමා ඇස් කන් වැහිච්ච කෙනෙක් වගේ ඉන්න නිසා මේ රටේ මිනිස්සු විඳින දුක කියන්න.“
“මම කිසි දේකට බය කාන්තාවක් නෙමෙයි. මීට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න කෙනෙක්. තාත්තා මරලා දාලා වින්දිතයන් විදිහට කිසිම සාධාරණයක් ඉටු නොවුන වෙලාවෙ නීතියෙ පිහිට පතලා ජයග්‍රහණය කළ කෙනෙක් මම. “
නැවත කියන්නෙ නිවසේ පොඩි හරි දේකට යම්කිසි හානියක් සිදුකරලා තිබුණොත් මම මේක අත්හරින්නෙ නෑ, ජනාධිපති තුමා ඔබ තුමා ඔබතුමා ලෑස්තිවෙලා ඉන්න ජාත්‍යාන්තරයට ගිහින් මේවට උත්තර දෙන්න. “







