චීනය විසින් මෙම වසරේ සිය ආරක්ෂක වියදම් සියයට 7.1 කින් ඉහළ දැමීමට තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව 2022 වර්ෂයේ ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 229ක් වැය කිරිමට බලා පොරොත්තු වන බව චීනය අද දින ප්‍රකාශයට පත් කළේය.
චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දැමිමත් සමඟම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රජ්‍යන් හට යම් අභියෝගයක් එල්ලවීමක්ද පෙන්නුම් කරන බව විශේලේෂඛයින් පෙන්වාදෙයි.
එසේම චීනය විසින් ඉන්දු පැසිපික් කළාපයේ සිය බලය වර්ධනය කරගැනීමත් තායිවානයට එල්ල කරන බලපෑම් වැඩි කිරීමක් සිදුවිය හැකි බවටද මෙයින් ඉඟි පළකරන බවද විශ්ලේෂඛයින් සඳහන් කරයි.
ඇමරිකා එක්සත් ජනපදයට පසු ලොව වැඩිම ආරක්ෂ වියදම් දරණු ලබන රාජ්‍ය වන්නේද චීනයයි. ඒ අනුව මේවන විට ලක්ෂ තිහකට ආසන්න සාමාජිකයින් පිරිසක් චීනය සතු වන අතර ලොව විශාලතම නාවික හමුදාවටද හිමිකම් කියන්නේද චීනයයි.
චීනය මේවන විට ලොව නවීනතම යුධ උපකරණ වලින් සමන්විත අතර න්‍යන්ෂික සබ්මැරීන්, ගුවන්යානා ප්‍රවාහක නෞකා මෙන්ම පස්වන යුගයේ රේඩාර් පද්ධති මඟහාරයා ගමන් කළ හැකි ප්‍රහාරක ගුවන් යානාද ඔවුන් සතුය.







