දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල නිවසේ නාන කාමරයක හා තවත් ස්ථානයක නීති විරෝධී ලෙස ගබඩා කොට තිබූ ඉන්ධන ලීටර් 235 ක් පොලීසිය විසින් ඊයේ ( 31 ) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
පුදුකුඩීඉරිප්පු පොලීසියට මහජනතාව විසින් ලබා දුන් ඔත්තුවක් මත එම නිල නිවස පරීක්ෂා කිරීමේදී එහි නාන කාමරයක් තුළ සගවා තිබූ ඩීසල් ලීටර් 120 ක් පෙට්‍රල් ලීටර් 110 ක් හා භුමිතෙල් ලීටර් 5 ක් සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම ඉන්ධන තොගය නිල නිවසේ සේවය කරන සේවකයෙකුගේ බව අදාල ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසියට ප්‍රකාශ කොට ඇතත් එම නිල නිවසේ සිට ඇත්තේ සේවිකාවක් පමණක් බව පොලිසිය සඳහන් කරයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.