වඳුරු උණ වැළඳුන රෝගියෙකුගේ පළමු මරණය ඉන්දියාව වාර්තා කර තිබේ. මරණය වාර්තා වන්නේ කේරල ප්‍රාන්තයේ ත්‍රිසූර්හි දී ය..
දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කේරළයට පැමිණි මෙම තරුණයාට විදේශගතව සිටිය දී වඳුරු උණ ආසාදනය වී ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ඊයේ (31) පවසා ඇත.
මීට පෙර කේරලයෙන් වඳුරු උණ ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇත. එක් පුද්ගලයෙක් සුවය ලබා රෝහලෙන් පිටවී ඇති බවත්, අසාදිව ප්‍රතිකාර ලබන ඉතිරි දෙදෙනාගේ තත්ත්වය ස්ථාවර බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ කියයි.