ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ විපක්ෂයේ පක්ෂ කීපයක මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එහි තනතුරු ලබා ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඒ් අනුව පොදු ජන පෙරමුණයට අමතරව සමගි ජන බලවේගයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු පිරිසකුත් ඇතුළු පිරිසක් නුදුරේ දීම එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව ඒම ආරංචි මාර්ග සනාථ කළේය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්වන අය අතර දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරු ද සිටින බව ඉහත ආරංචි මාර්ග කීවේය.
මෙම මන්ත්‍රීවරු ඉදිරි මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන අතර ඔවුන් නියෝජනය කරන ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුර ලබා දීමට ද මේ වනවිට සැලසුම් කර ඇත.