තුෂාරී කළුබෝවිල –
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් හේතුවෙන් අද ( 01 ) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොඩබිම හා මුහුදේ වැසි, සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි
සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බව ඔවුහූ පවසති.
බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර
දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බව ඔවුහූ පවසති.
ඌව පළාත සහ අම්පාර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය
හැකි බවත්,
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල හා දකුණු පළාතේ ද විටින් විට තද වැසි සමග
සුළං ඇතිවිය හැකි බවත් ඔවුහූ පවසති.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන් අනතුරු අවම
කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න්‍ා ලෙස ද ජනතාවට අනතුරු ඇඟවේ.