ලලිත් චාමින්ද –
රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දි වු වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ද ඝාතකයින් කොටුකරගැනීම සදහා රත්ගම පොලිසිය හා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භකොට ඇත.
මේ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබිමේ සිද්ධිය වු ස්ථානයේ තිබි හිස් පතොරම් කොපු 25 සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙක් සහ යතුරුපැදි ධාවකයෙක් විසින් ටි 56 ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සාජන්වරයකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබිය.
මෙම විශ්‍රාමික යුධ හමුදා සාජන්වරයා පසුව ධීවර කර්මාන්තයේ නිරතව සිට ඇති අතර ඔහු ටැංකි බෝට්ටු හිමිකරුවෙකි. වැන්රථයකින් දැල් අම්පන්න රැගෙන යාම සදහා තවත් අයෙකු සමග ගම්මැද්දගොඩ ප්‍රදේශයේ වෙනත් ටැංකි බෝට්ටුහිමිකරුවකුගේ නිවසට පැමිණ සිටියදී මොහු වෙඩි ප්‍රහාරයට ලක්විය.
එම ටැංකි බෝට්ටුහිමිකරු හා ඔහුත් සමග පැමිණි පුද්ගලයාද වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරණු ලැබිය. වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ දේවනන්දලාල්ල ප්‍රියන්ත (48) නැමති රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව තවමත් අනාවරණය වි නොමැති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද (01) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි. රත්ගම පොලිසිය පරික්ෂණ පත්වයි.