-
නායක හාමුදුරුවන්ගේ බෙල්ල මිරිකලා මරලා තියෙන්නේ 19 හැවිරිදි ගෝල හිමිනම… පන්සලේ තිබුන ඩිෆෙන්ඩර් රථය සහ කාර් රථයේ පොත් දෙක ගන්න මේ ඝාතනය කරලා…
-
12 වැනිදා මරලා… මරා දැමුවට පස්සේත් පන්සලේ හිඳිමින් වාහන විකුණන්න හදලා… 12 සහ 14 දින දෙක ඇතුළෙ කෝටි දෙකකට වාහන දෙක විකුණලා…
-
සල්ලිත් අරන් ඩුබායි පනින්න යනකොට කටුනායක දී මිනීමරු චීවරධාරියා අත්අඩංගුවට…
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව වැඩවිසූ මැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනය සම්බන්ධ සැක කෙරූ උන්වහන්සේගේ ගෝල තරුණ චීවරධාරියා අද (15) අළුයම ඩුබායි බලා පිටත්වී යෑමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකරමින් ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පන්සල සතුව තිබූ ඩිෆෙන්ඩර් රථය සහ කාර් රථයේ පොත් දෙක ලබා ගැනීම සඳහා මෙම තරුණ චීවරධාරියා නායක හාමුදුරුවන් ඝාතනය කර ඇති බවය. .
නායක හාමුදුරුවන්ගේ ගෙල මිරිකා හුස්ම හිරකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 12 වැනිදාය. අනතුරුව 12 වැනිදා සහ 14 වැනිදා දෙදින තුළ වාහන දෙක රුපියල් කෝටි දෙකකට විකුණා දැමීමට මෙම තරුණ චීවරධාරියා කටයුතු කර ඇත.
පන්සලේ සල්ලි ඇතැයි යන උපකල්පනයත් මෙම ඝාතනයට මුල් වී ඇතැයි විමර්ශන අංශ කියයි. කෙසේ වෙතත් කිසිම මුදලක් සොයාගැනීමට ඔහුට හැකියාව ලැබී නැතැයි වාර්තා වේ.
කෝටි දෙකකට ආසන්න මුදලකට වාහන දෙක අලෙවි කිරීමෙන් අනතුරුව අද අලුයම ඩුබායි බලා පිටත්වීමට සූදානම්වෙද්දී 19 හැවිරිදි මෙම චීවරධාරියා කටුනායක ගුවන්තොටුපලේ දී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
නායක හිමියන් ඝාතනය වී ඇති බව හෙළිවන්නේ වන්නේ ඊයේ (14) දිනයේ දී ය. නායක හාමුදුරුවන්ගේ ආවාස ගෙය පැත්තෙන් දුඟදක් හමා ඒමත් පන්සල වසා දමා තිබීමත් හේතුවෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ආවාසයේ දොර කඩා ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට ඝාතනය වූ හිමිනමගේ දේහය හමු වී තිබිණි.
මෙම ඝාතනයට සැකපිට දැනට අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි චීවරධාරියා 12 වැනිදා දිනයේත් පන්සලේ සිටි බවත්, 13 වැනිදා සිට පුද්ගලික බඩු භාණ්ඩද රැගෙන ඔහු පන්සලෙන් අතුරුදහන්ව ඇති බවත් විමර්ශකයින්ට පෙනී ගොස් තිබිණි.
මෙම තරුණ චීවරධාරියා සහ නායක හිමියන් අතර ඇතිවූ ආරවුල් පොලිස් පැමිණිලිවලත් සටහන්ව තිබුණු බැවින් මෙම ඝාතනය සම්බන්ධව ඔහු පිළිබඳ දැඩි සැකයක් පොලිස් විමර්ශකයින්ට ඇති වූයේය.
එබැවින් ඔහු සොයා ඊයේ දිනයේ දිම පොලිස් කණ්ඩායම් දෙකක් යොදනවනු ලැබිණි.
අත්අඩංගුවට ගත් චීවරධාරී තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹා තිබේ.
මේ කතාවත් කියවන්න….







