පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (14) සවස ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට විනය පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නවක වදයට ලක් වන සහ නවක වදයට ලක් නොවන කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිව තිබෙන්නේ එහි ආපන ශාලාවකදීය.
මෙම කණ්ඩායම් දෙක අතර ඇති වූ වචන හුවමාරුව අවසානයේ ගුටි බැට ප්‍රහාරයක් දක්වා දුර දිග ගොස් ඇති අතර සිසුන් කිහිප දෙනකු සුළු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
මෙම ගැටුම වළකාලීමට විශ්ව විද්‍යාල පරිපාලනයද ඊයේ සවස මැදිහත්ව ඇති අතර පීඨාධිපතිවරයා විසින් සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇති බව සඳහන් වේ.