ලලිත් චාමින්ද –
නාගොඩ රාජකිය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකදි පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනි සිටි සිසු දරු දැරියන්ට විනාඩි 05ක් ප්‍රමාද වි ප්‍රශ්නපත්‍රය ලබාදි විනාඩි 15 කට කලින් නැවත ප්‍රශ්නපත්‍ර එකතුකිරිම සම්බන්ධයෙන් දෙමව්පියන් හා දරුවන් කරනු ලබන චෝදනාව සම්බන්ධව විභාග දේපාර්තමෙන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.
තමන් මේ පිළිබද විභාග මධ්‍යස්ථානයේ සිටි ශාලධිපතිවරු දෙදෙනාගෙන් විමසීමක් කළ බවත් එවැනි සිදුවිමක් සිදුනොවු බවට ශාලාධිපතිවරුන් දෙදෙනා තමන්ට ප්‍රකාශකළ බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
නියමිත වෙලාවලට ප්‍රශ්න පත්‍රය ලබාදි පිළිතුරු පත්‍ර නියමිත වෙලාවට එකතුකරගත් බවට ශලාධිපතිවරුන් දෙදෙනා ප්‍රකාශකළ බවත් මේ සම්බන්ධයෙන් විභාගයට පෙනි සිටි දරුවන් දෙමව්පියන් පිරිසක් කරනු ලබන චෝදනාව පිළිබඳ පරික්ෂණයක් සිදුකරන බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විභාගයට පෙනි සිටි සිසු දරු දැරියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී ලබාදි නියමිත වෙලාවට කලින් එකතුකරගත් බවට දෙමව්පියන්ට ප්‍රකාශකොට ඇත.
ඒ සමග දෙමව්පියන් පිරිසක් හා ගුරුවරුන් අතර වචන හුවමාරුවක්ද ඇතිවි තිබේ. මේ පිළිබද මෙකි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් නාගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇත.







