ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ අවිශ්ක ගුණවර්ධන සහ දඟපන්දු යැවීමේ පුහුණුකරු සචිත් පතිරණ තරගාවලිය අතර තුර හෝටල් කාමරයක පැවැත්වූ මත්පැන් සාදයක් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවන්හි හුවමාරු වෙමින් ඇති ඡායාරූපයක් යම් කතාබහක් උපදවා තිබේ.
පාසල් ක්‍රීඩකයන් සහිත මෙම කණ්ඩායමේ විනය පිළිබඳ නිශ්චිත ආදර්ශයක් සැපයිය යුතු මෙම වගකිවයුතු පුද්ගලයින් දෙදෙනා සිය හැසිරීම්වල පුද්ගලිකත්වය හෝ ආරක්ෂා කර නොගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත් කිරීම ගැටලු සහගත බව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අංශ පෙන්වා දෙයි.
බීමතින් සිටින මෙම ඡායාරූපය පාසල් ක්‍රිකට් සම්බන්ධ මුහුණු පොත් පිටුවලත් පල වී ඇත්තේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ දැමීමට දෙවියන් විසින් එවන ලද දූතයෙක් බව දක්වමිනි.
මේ වැරදි පූර්වාදර්ශ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්විය යුතු බවට මේ වනවිට සංවාදයක් ඇති වෙමින් තිබේ.







