චීන ජනාධිපති ෂී ජින් පින් පසුගිය වසර මැද අනපේක්ෂිත ලෙස ටිබේටයේ සංචාරය කිරීමෙන් පසුව එරට බෞද්ධාගමට චීන සමාජවාදයේ මුහුණුවරක් මුසු කළ යුතු බවට පනිවිඩයක් ලබා දී ඇති බව ඉන්දිය දේශපාලන විචාරකයකු වන විජේ ක්‍රාන්ති සඳහන් කර ඇත. ඉන්දීය ANI ප්‍රවෘත්ති සේවා වෙබ් අඩවිය ඔහු උපුටා දක්වමින් පවසන්නේ පසුගියදා ලෝකයම කම්පා කරවමින් ටබේටයේ සිචුවාන් ප්‍රදේශයේ සිදු කරන ලද ශාක්‍යමුනි පිළිම වහන්සේ විනාශ කිරීමද එම ව්‍යාපෘතියේම අංගයක් බවත් ඒ තුළින් ප්‍රකට වන්නේ චීන කොමියුනිස්ට් තලේබාන්කරණයක් බවත් ඔහු පෙන්වා දි ඇත.
චීන ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසුව ටිබෙටයේ බෞද්ධ කටයුතු සහ ටිබේට් සම්ප්‍රදාය සහ භාෂාව පිළිබඳව ඉගැන්වෙන අතිරේක පාසල් ගණනාවක් වසා දමන ලෙසට අණ කෙරී ඇත. පාසල්වල අනිවාර්යයෙන්ම චින මැන්ඩරීන් භාෂාවෙන් උගන්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බවද විජේ ක්‍රාන්ති පෙන්වා දෙයි. උස පිළිබඳව ප්‍රශ්නයක් ඉදිරියට දමමින් සිචුවාන් ප්‍රදේශයේ අඩි 95ක උස ශාක්‍ය මුනි බුදු පිළිමය ඇතුළු බෞද්ධ ඉදිකිරීම් ගණනාවක් විනාශ කළ චීනය පසුගිය ජනවාරි මස 06 වැනිදාද තවත් බුදු පිළිමයක් විනාශ කර ඇති බව විජේ ක්‍රාන්ති පෙන්වා දී ඇත. විශේෂත්වය වන්නේ මෙම පිළිම සියල්ල ටිබෙට් ප්‍රජාව විසින් ඉදිකරනු ලැබ ඇත්තේ එරට සිටින චින බලධාරීන්ගේ අවසරය මතය. එසේ වුවද මේ සියල්ල වෙනස් විමට ආරම්භ වී ඇත්තේ චීන ජනාධිපතිවරයාගේ ටිබේට් සංචාරයෙන් පසුව බව ඔහු පවසයි. එසේම මෙම සංහාරයන්ට විරුද්ධ වූ ටිබේට් ජාතික භික්ෂූන් සහ සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් මේ වනවිට අත් අඩංගුවටද පත්ව ඇත.