ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එකම ඉනිමක් තුළ කඩුළු 10ක් දවා ගත් ලෝකයේ තුන්වෙනි ක්‍රීඩකයා බවට නවසීලන්තයේ අජාස් පටේල් අද ඉතිහාසගත විය.
ඒ ඉන්දියාවට එරෙහිව මුම්බාහයි හිදී පැවති තරගෙය්දීය.
මෙම තරගයේ දී ඉන්දියාව ලකුණු 325කට දැවී යන විට වමතින් දඟ පන්දු යවන මුම්බායි හි දී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන පටේල් පළමු දිනයේ ලබාගත් හතරේ කඩුලු 6ට කඩුලු 4ක් අද දින එක් කරමින් ලකුණු 119කට කඩුලු 10ක් ලබා ගත්තේය.
මීට පෙර ජිම් ලේකර් සහ අනිල් කුම්බ්ලේ මෙම වාර්තාවට පැමිණි අනෙක් ක්‍රීඩකයෝ වෙති. එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ලේකර් 1956 දී ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 10ක් දවා ගත් අතර ඉන්දීය පා දඟ පන්දු යවන ක්‍රීඩක කුම්බ්ලේ 1999 දිල්ලිහිදී පාකිස්තානයට එරෙහිව එම දස්කම ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 62කට දැවී ගිය අතර දෙවන දිනය නිමා වීමට පෙර ඉන්දියාව ලකුණු 69-0ක් ලෙසින් ලකුණු 332ක් ඉදිරියෙන් සිටියේය.
නවසීලන්ත පිළට ක්‍රීඩා කළද ඔහු උපතින් ඉන්දියානුවෙකි. මුම්බායි හි උපන් පටෙල් ඕවර 47.5ක් යැවූ අතර වෙනත් ඕනෑම පන්දු යවන්නෙකු මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි. ඔහුගේ සන්ධිස්ථානය වූයේ ඉන්දියාවේ මොහොමඩ් සිරාජ් විසින් රචින් රවීන්ද්‍ර වෙත ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී දැවී යාම ඔහු ඉතිහාසයට එක් කළේය.







