ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කමිටුවේ සාමාජිකයින් සිය කර්මාන්තශාලාවෙත මෙතෙක් පැමිණියේ නැති නමුත් ඔීනෑම වේලාවක පැමිණ පරික්ෂා කර එම සහතිකය ලබා දෙන ලෙස ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය ඉල්ලා සිටී.
ලාෆ් ගෑස්වල ප්‍රමිතියේ ගැටලුවක් නොමැති බැවින් කිසිදු බාධාවකින් තොරව ගෑස් බෙදා හරින බවත් ඒ සදහා පාරිභෝගික අධිකාරියේ අවසරය හිමිව ඇති බවත් ‘ඔහු පවසයි.
ලාෆ් ගෑස් කර්මාන්තය ඉහළ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන බවත් පසුගිය වසර 25 පුරාම එම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය බවත් ඔහු කියයි.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය , හා ඇතැම් අප්‍රිකානු රටවල් වෙත ගෑස් අපනයනය කරන අතර ලාෆ් ගෑස්වල ප්‍රශ්නයක් ඇත්නම් එම රටවල් වලින්ද ප්‍රශ්න මතුවිය යුතු යැයි ඔහු සදහන් කර කරයි.







