පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකරන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 113 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවය.
අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති බවත් නීතියෙන්ද කිසිදු සමාවක් හිමි නොවන බවත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය කිසිවිටෙක පළුදු වීමට ඉඩ නොදෙන බව පකිස්ථාන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.







