ලලිත් චාමින්ද –
නාගොඩ යටලමත්ත 70කන්ද ප්‍රදේශයේ නිවසක තිබි පිළිස්සුම් තුවාල ලබා මියගිය කාන්තාවකගේ මළ සිරුරුක් සෙයාගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 72 හැවිරිදිවියේ පසුවු විවාහක කාන්තාවකි. ලෑලි ගසනු ලැබු මෙම නිවසේ ඇය තනිවම පදිංචිව සිට ඇති අතර පිළිස්සිමට ලක්ව මියගොස් සිටියද කාන්තාවගේ මළ සිරුර පොලිසිය මගින් සොයාගෙන ඇත. නිවසේ කුප්පි ලාම්පුවක් හා භුමිතෙල් කැන් එකක්ද තිබි ඇති බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. නාගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.