පාකිස්ථානයේ සියල්කොට්හි දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඇමතුමක් දී වැරදිකරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී තිබේ. මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සංචාරයක නිරත වන ෙගා්ඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන් අැමතුමක් ලබා දී ඔහුට කතා කළ බවත් ෙමම කණගාටුදායක සිදුවීම පිළිබව තම රෙට් ෙකා්පය සහ ලජ්ජාව ජනාධිපතිවරයා ෙවත ප්‍රකාශ කළ බවත් ඉම්රාන් ඛාන් මහතා සිය නිල ට්විටර් පනිවිඩයකින් ප්‍රකාශ කර තිෙබ්.
මෙම බිහිසුණු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය පෞද්ගලිකව අධීක්ෂණය කරන බවත් මේ වනවිටත් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පාකිස්ථාන අගමැතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වේ.
මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා තම ජාතියේ කෝපය සහ ලැජ්ජාව ද ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළේය.








