අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන භේද අමතක කර විපක්ෂය එක් වෙයි… පක්ෂ 11 සහ ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂය සමග…

by editor
අප්‍රේල් 10, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කර පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර මේ වනවිට   සාකච්ඡා ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු  මන්ත්‍රී එම්. සුමන්තිරන්, සහ වතුකරය නියෝජනය කරන පලනි දිගම්බරම්,  දෙමළ ජනතාවගේ පොදු ජන පදනමක් සහිත මනෝ ගනේෂන් යන අය අතර මේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සහිත  කණ්ඩායමේ නායකයින්ගේ සහභාගීත්වයෙන්  පසුගිය සතියේ විශේෂ සාකච්ඡා වාර දෙකක් කොළඹ දී පවත්වා ඇත. ඉදිරි සාකච්ඡා එළඹෙන සතියේ මුල් දින තුළ පවත්වා නිශ්චිත පොදු  වැඩපිළිවෙළක් හැකි ඉක්මනින් සකසා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

ඔවුන්  සාකච්ඡා කරමින් ඉදිරිපත් කරන වැඩපිළිවෙලට මූලික එකඟතාවයක් මත පිහිටා සහයෝගය දීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,  විමල් – ගම්මන්පිල කණ්ඩායමත්,  ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂත්, ආණ්ඩුව නියෝජනය කරන පිරිසකුත්    කැමැත්ත පල කර තිබේ.  ඔවුන් මේ වනවිට පොදු වැඩපිළි‍වෙළ සඳහා ජනාධිපතිවරයා එකඟ කරගැනීමේ සාකච්ඡා ආණ්ඩුව සමග ආරම්භ කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අය අතර පැවැත්වෙන සාකච්ඡාවලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා වී ඇති අතර එසේ නොමැතිනම් දැනට බලාත්මකව ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ඒ වෙනුවට 19 වැනි ව්‍යවස්ථාව   බලාත්මක කිරීමට එකඟතාවය පල කර ඇති බව දැනගන්නට තිබේ.

පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් ඉහළින් සිටිය දී අන්තර්වාර පාලන ආණ්ඩුවක් හෝ වෙනත් ක්‍රමවේදයක් හෝ ක්‍රියාත්මක කිරීම කුමණ පලක්වත් නැති බව ඉහත පක්ෂවල ස්ථාවරය වී ඇත.

මේ අනුව සියලු දෙනාට එකට එකතු වී වැඩ කළ හැකි පොදු වැඩපිළිවෙළක් නිශ්ඡිත කාල රාමුවක් තුළ ගොඩනන්වා එය ක්‍රියාත්මක කිරීමෙන් පසු තම තමන්ගෙ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් මැතිවරණයකට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව මේ පිළිබඳව කළ විමසීමක දී එම සාකච්ඡාවට එක් වී සිටින පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.

තම පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ඉතාම සාර්ථක බවත් නුදුරේදීම පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් එම පක්ෂ නායකයා  කීවේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර 19 වැනි ව්‍යවස්තාව බලාත්මක කිරීමේ යෝජනාව අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නායක මෛත්‍රීපාල සිරසේන  පවසන්නේ මෙම වැඩපිළිවෙළේ ක්‍රියාත්මක මූලික ප්‍රවේශයක් ලෙස බව වාර්තා වේ.

ආණ්ඩුව නියෝජනය කරමින් මෙම වැඩපිළිවෙළට සහයෝගය දක්වන පිරිස් සහ    ස්වාධීන වූ පක්ෂ වෙන වෙනම ආණ්ඩුවත් සමග අභ්‍යන්තර  සාකච්ඡා  කරමින් ඉන්නේ ජනාධිපතිවරයා පොදු වැඩපිළිවෙළට අකමැති වුවහොත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බලය යොදා ගනිමින් ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අමුණින් බව දැනගන්නට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රශ්නය උග්‍ර නොකර විසඳීමේ වගකීම ජනපති අතේ… පක්ෂ 11 අද ජනපති හමුවන අරමුණ මෛත්‍රී කියයි!

Next Post

පොහොට්ටු මන්ත්‍රීගේ “ගෝටා ඕන “ උද්ඝෝෂණයක් නුවර දී…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.