ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ අනෙක් කණ්ඩායම් ඒකාබද්ධව ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේ මූලික අරමුණ 20 වැනි සංශෝධනය අහෝසි කර නිශ්චිත කාල සීමාවකට අන්තර්කාලීන පාලනයක් ඇතිකරගැනීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
නිශ්චිත කාල සීමාවක් සඳහා පිහිටුවාගනු ලබන අන්තර්කාලීන ආණ්ඩුවට රට තුළ උද්ගතව ඇති ගැටලුවලට විසඳුම් ලබා දිය හැක්කේ දැනට ක්‍රියාත්මක විසිවැනි සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය බලාත්මක කීරීම තුළින් බව හෙතෙම කීවේය.
ඒ අනුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සහ 19 වැනි ව්‍යවස්ථාව බලාත්ම කිරීම යන ඉහත ප්‍රධාන කරුණු දෙකට ජනාධිපතිවරයා එකඟ කරවා ගැනීමට අද (10) හැකිවුවහොත් වර්තමානයේ උද්ගතවී ඇති අර්බුද නිශ්චිත කාලසීමක් තුළ දී සමනය කරගැනීමට හැකිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පල කළේය.
19 සංශෝධනය යළි බලාත්මක කීරීම රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ හැකි බව පවසන මෛත්‍රීපාල සිරිසේන ඉන් අන්තර්ජාතික වශයෙන් විශ්වාසය දිනාගෙන අද සිටින මූලික ප්රශ්නය වන ඩොලර් අර්බුදය කඩිනමින් විසඳා ගත හැකි බව පෙන්වා දුන්නේය.







