බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලනිකව අවලංගුවුන මනුස්සයෙක් ඡන්දයක් කටේ තියාගෙන නටන නැටිල්ල ගැන ලාල් කාන්ත කියයි!

by editor
ඔක්තෝබර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන වශයෙන් තවදුරටත් වලංගු නැති සාධයක්වන ගම්මන්පිල මැතිවරණය ආසන්නයේ මාධ්‍යවලට මාතෘකාවක් සපයන්නට ගන්නා අනුකම්පා සහගත උත්සාහය පෙනෙනවා හැරෙන්නට ඔහු කියන කිසිම දෙයක් කිසිවෙක් ගණන් ගන්නටවත් උත්සාහ නොකරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී ලාල්කාන්ත අද (21) පැවසුවේය.

ජාතිවාදයෙන් ආගම් වාදයට, ආගම් වාදයෙන් ජාතික වාදයට විටින් විට මාරු වෙමින් හතරකොණ පටලවාගෙන ඉන්නා මේ අවලංගු චරිත මොනතරම් දැඟලුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වත්මන් රජය පාස්කු වින්දිතයින්ට සාධාරණයක් කරන බව ඔවුන් දන්නා බව ද ඔහු පෙන්වා දුන්නේය.

මහනුවර ඊරියගම ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මෙසේද පැවසුවේය.

උදය ගම්මන්පිලගේ අභියෝග කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එයා දේශපාලනික වශයෙන් අවලංකු වෙච්ච කෙනෙක්. එක කාලයක් ජාති වාදය, තව කාලයක් ජාතික වාදය ආයෙත් කාලයක් ආගම් වාදය කරපින්නාගෙන මේවා ඔක්කොම පටලවාගෙන වැඩ කළ මේ අයගේ කෙරුවාව ජනතාව දැන් හොඳට දන්නවා.

මේ අය දැඟලුවත් කෑගැහුවත් නැතත් ජනාධිතිතුමත් අලුත් ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සාධාරණය ඉටු කරන බව ඒ අය දන්නවා. ඒ අය නියෝජනය කරන ආගමික ආයතන වලටත් වින්දිතයින් නියෝජනය කරන සමාජයටත් ඒ විශ්වාසය තිබෙනවා. අවලංගු කාසියක් බවට පත්ව සිටින ගමමන් පිල මේ දවස්වල මොනවාහරි කියවලා උත්සහ කරන්නේ රූපවාහිනි මාධ්‍ය වලට එයාගේ මුහුණ දාගන්නයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙච්චර කල් මේ වාර්තා ඇයි හංගගෙන හිටියේ කියලා ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරන්න ඕන. මෙච්චර කල් මේ වාර්තා හංගගෙන හිටියේ කාව ආරක්ෂා කරන්නද කියලා එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. මගේ ළඟ අරවා තියෙනවා මේවා තියනවා කියමින් ඉන්නේ නැතුව වගකිව යුුතු දේශපාලනඥයෙක් විදිහට ගම්මන්පිල ඒවා බාර දෙන්න ඕන. එයාලා මොනවා කිව්වත් නැතත් මොනතරම් දැගලුවත් නැතත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට විශ්වාසයි තමන්ට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සාධාරණය ඉටු කරන බව.

මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, දිස්ත්‍රික් විධායක සභික වෛද්‍ය හංසක විජේමුණි ද මෙම අවස්ථාවට සහභාගි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

8 සහ 9 වසර වල දරුවන්ට එකම ප්‍රශ්න පත්‍රයක් දුන්න මධ්‍ය පළාතේ කොමිටල් විභාගය!

Next Post

යහපාලන කාලේ කෘෂිකර්ම අමත්‍යාංශය බද්දට ගත්තු සබීතගේ ගොඩනැගිල්ලට තැන්පත් කළ කෝටි 62ක තැන්පත් මුදල තවමත් අරන් නෑ… කෘෂිකර්ම ලේකම් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.