දෙවන වාර විභාගයට අදාළව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට 08 හා 09 ශ්‍රේණි සඳහා එකම දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එකම ප්‍රශ්න පත්‍රයේ 08 වසර සහ 09 වසර ලෙස මුද්‍රණය වී තිබීම හැරෙන්නට මෙම ප්‍රශ්න පත්‍රවල වෙනත් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් වී නැත.
මේ පිළබඳව කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් පවස්නේ අතපසුවීමකින් 08 වැනි ශ්‍රේණියට අදාල ප්‍රශ්න පත්රවලම කොටසක 09 වැනි ශ්‍රේණිය ලෙස ද මුද්‍රණය වී 09 වැනි ශ්‍රේණියේ දරුවන්ට ද ලබා දී ඇති බවය.
09 වැනි ශ්‍රේණියේ දරුවන්ට අදාළ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබා දිමට කටයුතු කර
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව ද අධ්‍යාපන අධ්යක්ෂවරයා කියයි.
.
මධ්‍යම පළාතේ අධ්‍යාපනය විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් මෙයට ප්‍රධාන හේතුව පරිපාලන දුර්වලතා බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
මෙම සිදුවීම සුළුකොට නොතකා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.







