මිගමුව නගරසභාව මගින් දුගී දරුවන් වෙනුවෙන් නොමිලේ බෙදා දීමට සූදානම් තිබූ පොත් තොගයක් මීගමුව පොත් අලවිසැලක විකුණමින් සිටිද්දී පොත් තොගය සහ කඩ හිමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
මෙම පොත් තොගය සම්බන්ධව තොරතුරු මීගමුව පොලිසියට පැමිණිල්ලක් ලෙස ලැබීමෙන් අනතුරුව මේ වැටලීම සිදුකර පොත් පොලිස් භාරයට ගෙන කඩහිමියා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට මේ සම්බන්ධයෙන් මීගමුව නාගරක කොමසාරිස්වරියගෙන් හා නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් කඩ හිමියාගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් පොලිසිය පවසයි.









