ජනාධිපතිවරා හා රජය පිළිබඳ තව දුරටත් විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටීම සඳහා කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මාර්තු 2වන දින හමුවීමට සූදානම් වී සිටියත් එම හමුව උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.
රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් මෙම ඉල්ලීම කළ විට කාදිනල් තුමා පවසා ඇත්තේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නොමැතිව කිසිවෙක් තමන් හමුවීම සඳහා පැත්තකටවත් නොඑන ලෙසය.
මෙම හමුවේදී පාස්කු ප්‍රහාරය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබදව කාදිනල් හිමියන්ව දැනුවත් කිරිමට තීරණය කර තිබිණි.
අගතියට පත් කතෝලික ජනතාවට අසාධාරණයක් නොවන්නට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් මෙහිදී කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සූදානමින් සිටියහ.







