ඔමික්‍රෝන් වයිරසය මීට සති තුනකට පෙර මෙරට තුළ පැතිර යාම සියයට 12 – 24 ක ප්‍රතිශතයක් පෙන්නුම් කලද එය මේ වන විට සීග්‍රලෙස වර්ධනය වි ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.
බටහිර රටවල්වල මේ වන විට ඔමික්‍රෝන් වයිරසය වසංගතයක් ලෙස පැතිර යන බවත් එම රටවල්වල රෝහල් පද්ධතියේ දරාගැනීමේ හැකියාව ඉක්මවා ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.
මේ අනුව ඔමික්‍රෝන් වයිරසය අප රට තුළ සීග්‍රයෙන් පැතිර ගියහොත් එය අපගේ රෝහල් පද්ධතියටද දරාගැනීමට නොහැකි වනු ඇති බැවින් නැවත රට තුල ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකි යැයි හෙතෙම පෙන්වාදේ.
ඉදිරියට ඇතිවිය හැකි භයානක තත්ත්වය මගහරවා ගැනීම සදහා එන්නත්කරණ සම්පූර්ණ කළ වයස අවුරුදු 20ට වැඩි සෑම පුද්ගලයෙකුම බූස්ටර් එන්නත ලබා ගැනීමට වහ වහා කටයුතු කරන්නැයි විශේෂඥවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සති අන්තයේ ලැබී තිබෙන නිවාඩු දින හතර තුළ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හී බූස්ටර් එන්නත ලබා දෙන බැවින් තමන්ට ආසන්නයේම පවතින එන්නත් මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු දැනුම්දී සිටියි.
එසේම ඔමික්‍රෝන් වයිරසය පිලිබදව ජාන පරික්ෂාවන් සිදු කරනුයේ විදේශයන් හී සිට මෙහි පැමිණෙන පුද්ගලයින්ගෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පමණක් යැයිද සදහන් කරයි.