මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දින ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා මූලිකව සැලසුම් කර තිබුණද එම සංචාරය පිළිබඳව තවමත් නිශ්චිත දිනයක් තීන්දු වී නොමැති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යවරයාට අද දින එම සංචාරයට අදාළව පියවර ගත හැකි බව විදේශ අමාත්‍යංශය හරහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික අංශවලට දැනුම් දී තිබුණද එරට ප්‍රධානීන්ගේ කාර්ය බහුලත්වය මත මෙම හමුවීම් සඳහා අවශ්‍ය ඉඩකඩ වෙන් කර ගැනීම දුෂ්කර වී ඇති බව රාජ්‍ය තන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාව වෙත මේ වනවිට මූල්‍ය සහන කිහිපයක්ම ලබා දීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර මීට අමතරව තවත් මූල්‍යධාර සමඟ සමස් යක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක පමණ ණය සහන ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බව පසුගියදා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශ කළේය. මීට අදාළ සෙසු කටයුතු සම්බන්ධ පියවර සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙවන වරටත් ඉන්දියාවට යාමට නියමිත බවත් එ අනුව අද දිනයේ එම සංචාරය සිදුවනු ඇති බවටත් ප්‍රකාශ විය.මෙම සංචාරයේදී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතා හමුවීමට මෙන්ම මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද හමුවීමට නියමිතව සිටි බව වාර්තා විය.
කෙසේ වුවද ඉන්දියාව තුළ පවතින ප්‍රාන්ත මැතිවරණ , රුසියාව සහ යුක්රේනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මත නිර්මාණය වූ නව ප්රවණතා ඇතුළු ගැටලු රැසක් හෙතුවෙන් ඉන්දීය නායකයන් කාර්ය බහුල වී ඇති බැවින් ශ්‍රි ලංකා මුදල් අමාත්‍යවරයා සමඟ හමුවක් සඳහා කාලයක් වෙන් කර ගැනීමට තවමත් නොහැකිව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව තවමත් බැසිල් රාජපක්ෂ මහතාගේ ඊළඟ ඉන්දීය සංචාරය සඳහා දිනයක් යෙදී නැත.