ශ්‍රියානි විජේසිංහ –
හත් දෙනෙකුට මරු කැඳවමින් දියතලාව දියතලාව සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන පථයේ දී අද (21) සවස සිදුවූ අනතුරින් බරපතල තුවාල සහිතව 18 දෙනෙක් දියතලාව රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහලේ එක්වර සැත්කම් කිරීමේ පහසුකම් ඇත්තේ දෙදෙනෙකුට පමණක් බවත් මේ වනවිට දෙදෙනෙකුට සැත්කම් සිදුකරමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.
මේ තත්ත්වය තුළ රෝගීන් 6 දෙනෙක් වහාම බදුල්ල රෝහල වෙත මාරු කර යැවීමට දියතලාව රෝහල මේ වනවිට කටයුතු කරමින් සිටී.
අතට බරපතල තුවාල සිදුවූ හමුදා නිලධාරියෙක් බදුල්ල රෝහල වෙත මුලින්ම යැවු බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.
හැකි උපරිම රොහල් සත්කාර සේවා රෝගීන් වෙත ලබා දෙමින් ඇත. මේ වනවිට සැතකම් කමින් සිටින තුවාල කරුවන් දෙදෙනා බරපතල තත්ත්වයේ පසුවන බව ද වාර්තා වේ.
අනතුරට ලක් වූ වාහන